සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ (PSSP) මූල්‍ය ප්‍රතිපාදන මඟින් රුපියල් මිලියන 7.7ක් වැය කර නවීකරණය කරන ලද දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන ලදි. එම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මැතිතුමා, දඹුල්ල නගර සභාවේ ගරු නගරාධිපතිතුමා ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම රෝහල් අධ්යක්ෂතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත් ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විශ් රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී මහජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කල අතර එම ගැටලු වලට ස්ථිරසාර විසදුම් ලබාදීමටද ගරු අමාත් යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙම අවස්ථාවට අමාත් යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා, ඒකාබද්ධ අධ් යක්ෂ ජෙනරාල් ආලෝක බණ්ඩාර මහතා ඇතුළු අමාත් යාංශයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගීවූහ. තවද මෙහිදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද ගරු අමාත් යතුමාගේ විශේෂ අවධානය යොමුවිය.
Comments
Post a Comment