රාජ්ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
එහිදී මහජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කල අතර එම ගැටලු වලට ස්ථිරසාර විසදුම් ලබාදීමටද ගරු අමාත්යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙම අවස්ථාවට අමාත්යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා, ඒකාබද්ධ අධ්යක්ෂ ජෙනරාල් ආලෝක බණ්ඩාර මහතා ඇතුළු අමාත්යාංශයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගීවූහ.
තවද මෙහිදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද ගරු අමාත්යතුමාගේ විශේෂ අවධානය යොමුවිය.









Comments

Popular posts from this blog