රාජ්ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ ඉදිරි පස් අවුරුදු වැඩපිළිවෙළ පිළිබද විශේෂ සාකච්ඡාවක් රාජ්ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්රධානත්වයෙන් රාජ්ය සේවා අමාත්යාංශයේදී පැවැත්විණි. එම සාකච්ඡාවේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්යයේ දැක්ම" ප්රතිපත්ති ප්රකාශය රාජ්ය යාන්ත්රණය තුල යථාර්ථවත් කිරීමට වඩාත් කාර්යක්ෂම, ඵලදායි, පුළුල් හා ජනතා හිතවාදී රාජ්ය සේවයක් බවට පත්කිරීම සඳහා "රට වෙනුවෙන් වැඩකරන සංස්කෘතියක්" යන සංකල්පය ඔස්සේ ඉදිරි පස් අවුරුදු වැඩපිළිවෙළක් ගරු අමාත්යතුමා විසින් ඉදිරිපත් කරන ලදි.
මෙම අවස්ථාවට අමාත්යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුළු අමාත්යාංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, මෙන්ම සියලු අායතන ප්රධානීන් සහභාගි වූහ.
Comments
Post a Comment