අඩු ආදායම්ලාභී දමිළ පවුල් වල තරුණ තරුණයන් හතලිස් දෙනෙකු සඳහා, ඔවුන් සාර්ථකව නිමා කල සිංහල භාෂා පුහුණු පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය කිරීම රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල රාජ්‍ය භාෂා අධ්‍යයන සහ පුහුණු ආයතනයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. එම අවස්ථාවට රාජ්‍ය භාෂා අධ්‍යයන හා පුහුණු ආයතනයේ සභාපති ජයම්පති හීන්කෙන්ද මහතා, දඹුල්ල නගර සභාවේ ගරු නගරාධිපතිතුමා, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම විශාල පිරිසක් සහභාගී සිටියහ.
රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත් ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විශ් රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී මහජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කල අතර එම ගැටලු වලට ස්ථිරසාර විසදුම් ලබාදීමටද ගරු අමාත් යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙම අවස්ථාවට අමාත් යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා, ඒකාබද්ධ අධ් යක්ෂ ජෙනරාල් ආලෝක බණ්ඩාර මහතා ඇතුළු අමාත් යාංශයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගීවූහ. තවද මෙහිදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද ගරු අමාත් යතුමාගේ විශේෂ අවධානය යොමුවිය.
Comments
Post a Comment