නාඋල අරංගල සිරි අරහත්ත පබ්බතාරාමාධිපති අතිපූජ්‍ය පෙනලබොඩ සෝමානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේට සද්ධර්ම කීර්ති ශ්‍රී මේධානන්ද ගෞරව නාමය සහිත මාතලේ උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය ලබා දුන් අවස්ථාවට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහභාගීවිය.
රාජ් ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත් ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විශ් රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී මහජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කල අතර එම ගැටලු වලට ස්ථිරසාර විසදුම් ලබාදීමටද ගරු අමාත් යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙම අවස්ථාවට අමාත් යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා, ඒකාබද්ධ අධ් යක්ෂ ජෙනරාල් ආලෝක බණ්ඩාර මහතා ඇතුළු අමාත් යාංශයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගීවූහ. තවද මෙහිදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද ගරු අමාත් යතුමාගේ විශේෂ අවධානය යොමුවිය.
Comments
Post a Comment